October 29, 2024

නව පාර්ලිමේන්තුව පිහිටුවීමෙන් පසු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) ඉවත්කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය අදහස් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ වන විට කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැති බවත්, එය පවතින ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය හේරත් අද පැවැති සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවාහැර ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යම් වෙනසක් සිදුකළ හැක්කේ සංශෝධන යෝජනා කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පමණක් බව සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) සංශෝධනය කළ යුතු බවට මතයක් දැනට දීර්ඝ කාලයක සිට ප්‍රචලිතව පවතින බවද ඔහු පැවසීය.

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ පසු රජය මෙය සාකච්ඡාවට ගන්නා බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

42.31%
17.27%
32.76%