October 29, 2024

හිටපු අමාත්‍යවරුන් 12 දෙනකු මෙතෙක් සිය නිල නිවාස රජයට භාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කර ඇත්තේ, මෙම නිවාසවල පිළිබඳ මූලික පරීක්ෂණ මේවනවිට අවසන් කර ඇති බවයි.

එහිදී නිල නිවාසවලට අයත් ගෘහභාණ්ඩ සහ වත්කම් පරීක්ෂාවට ලක්කර තිබේ.

නිවාස යළි භාරදීමට පෙර ජල විදුලිය ඇතුළු සියලුම උපයෝගිතා බිල්පත් වහාම ගෙවාදමන ලෙස අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.

ගෙවිය යුතු හිග බිල්පත්වලින් තොරව නිවාස පමණක් භාරනොගන්නා බව ද අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

හෙට දිනය වන විට නිල නිවාස ලබාදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා තිබේ.

හිටපු අමාත්‍යවරුන් මෙම කාලසීමාවට අනුකූල වීමට අපොහොසත් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය.

රජයට අයත් මුළු නිල අමාත්‍ය නිවාස සංඛ්‍යාව 28 කි.

42.31%
17.27%
32.76%