Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2016 වසරේ පැවැති විරෝධතාවක් අතරතුර මහජනතාවට සහ සාමාන්‍ය රථවාහන ගමනාගමනයට බාධාකළ බවට චෝදනා එල්ල වී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙන් ඔහුට එරෙහි නඩු විභාගය අද කල්තැබිණි.
ඔහුගේ නීතීඥ කණ්ඩායමට අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ වෛරස් උණ රෝගයකින් පෙළෙන බැවින් ඔහුට නියමිත නඩු විභාගයට පැමිණීමට නොහැකි වී තිබේ.
කරුණු සැළකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නඩු විභාගය නොවැම්බර් මස 25 වැනිදාට කල්තැබූ අතර නඩුවේ විත්තිකරුවන්ට සහ සාක්ෂිකරුවන්ට මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනීසිටින ලෙසට නියෝග කළේය.
2016 වසරේ බෞද්ධාලෝක මාවතේ ප්‍රධාන මාර්ග අවහිර කරමින් මහජනතාවට සහ සාමාන්‍ය රථවාහන ගමනාගමනයට බාධා ඇතිකරමින් පැවැති විරෝධතාවයකට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු පස්දෙනකු නායකත්වය ලබාදුන් බවට කුරුඳුවත්ත පොලිසිය චෝදනා එල්ලකර තිබේ.
2016 වසරේ පෙබරවාරි 6 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන්ගේ සංචාරයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ විරෝධතා පා ගමනක් පැවැත්වීය.
මෙම නඩුවේ සැකකරුවන් ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, දොන් ලුසියන් ඇතුළු 6 දෙනෙකු නම් කර තිබිණි.
නඩුවේ හත්වැනි සැකකරු වන චමින්ද ජයලාල් ආරම්භයේ සිටම අධිකරණය මගහරිමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart