October 28, 2024

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් වසර 2024 ලොව හොඳම මහබැංකු අධිපතිවරුන් අතර ‘ඒ’ ශ්‍රේණියෙන් පිදුම්ලබා තිබේ.

මෙවර A+ ශ්‍රේණියේ ලෝකයේ මහබැංකු අධිපතිවරුන් තිදෙනකු නම් කොට ඇත.

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ඇතුළු 7 දෙනකු A ශ්‍රේණියේ අධිපතිවරුන් ලෙස පිදුම් ලබා තිබේ.

A- ශ්‍රේණියේ අධිපතිවරුන් ලෙස ලෝකයේ 15 දෙනකු නම්කර ඇත.

මේ ඉහළපෙළේ පිළිගැනීමත් සමඟ ආචාර්ය වීරසිංහ ලොව පුරා මහබැංකු අධිපතිවරුන් අතරට එක්වන්නේ, අර්බුදකාරි කාලවකවානුව හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම සඳහා ඔහුගේ සුවිශේෂ නායකත්වය සහ උපායමාර්ගික ඥානය ඇගැයීමට හා පිළිගැනීමට ලක්කරමිනි.

‘ඒ’ ශ්‍රේණියේ ඇගයීමට ලක්වීමට, උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදල් ස්ථායිතාව සහ පොළී අනුපාත පාලනය වැනි තීරණාත්මක ක්ෂේත්‍රවලට ආචාර්ය වීරසිංහගේ කැපීපෙනෙන කාර්යසාධනය දක්වා තිබීම පිළිබඳ සාක්ෂියකි.

සැළකිව යුතු ගෝලීය හා දේශීය අභියෝගවලින් සලකුණු වූ කාල පරිච්ඡේදයක ආර්ථික ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා ඔහුගේ ඵලදායි ප්‍රතිපත්ති සහ තීරණාත්මක ක්‍රියාමාර්ග තීරණාත්මක වී ඇත.(දිනමිණ)

42.31%
17.27%
32.76%