Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2021 වසරේ සිදු වූ එක්ස්-ප්‍රෙස් පර්ල් ව්‍යසනය පිළිබඳව අධ්‍යයනය කර, නුදුරු අනාගතයේ දී ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් ඩේලි මිරර් වෙත පවසා ඇත.
වත්මන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන්නේ, ආපදාවේ සිවිල් වගකීම් පිරිවැය සඳහා මෙතෙක් සිටි බලධාරීන් හිමිකම් ඉදිරිපත් කර නොමැති පසුබිමකය.
එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ ව්‍යසනයෙන් පසු වෙරළ පිරිසිදු කිරීම සහ සුන්බුන් ඉවත්කිරීම සඳහා වැයවන මුදල ලෙස ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 810,696.57ක් ලැබීමට නියමිත නමුත් ඊට අදාළවන සිවිල් වගකීම් පිරිවැය සඳහා අදාළ බලධාරීන් තවමත් හිමිකම් ඉදිරිපත් කර නොමැත.
2023 ජූලි 1 සිට 2024 පෙබරවාරි 29 දක්වා කාලය සඳහා වෙරළ පිරිසිදු කිරීමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ පිරිවැය ආවරණය කිරීම සඳහා මෙම මුදල පියවීමට නෞකාවේ හිමිකරු එකඟ වී ඇත.
MV එක්ස්-ප්‍රෙස් පර්ල් නමැති අන්තරායකර රසායනික ද්‍රව්‍ය රැගත් බහාලුම් නෞකාවක් 2021 මැයි 20 වන දින ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් ගිනිගෙන විනාශ විය.
ඉන් මෙරට වෙරළ තීරයට ප්ලාස්ටික් අංශු සහ අනෙකුත් දූෂක ටොන් ගණනක් එක්වූ අතර සාගර පරිසර පද්ධතියට හානි සිදුවිය.
එවක පැවැති ආණ්ඩුව නීතිපති දෙපාර්තමේන්තුව හරහා සිංගප්පූරුවේ නඩුවක් ගොනුකළේය.
පාරිසරික හානිය, ආර්ථික අලාභය, ප්‍රතිසංස්කරණ කටයුතු ආදියෙහි පිරිවැය මෙන්ම සිවිල් වගකීම් සඳහා හිමිකම් තක්සේරු කිරීම සඳහා අන්තර්ජාතික විශේෂඥයන් හයදෙනකු සමඟ ඕස්ට්‍රේලියානු නීති සමාගමක් ඒ සඳහා කුලියට ගෙන ඇත.
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ, අනතුරින් නෞකාවේ සුන්බුන් වටා කිලෝමීටර 4.3 ක දිගකින් යුත් දළ වශයෙන් 0.51 km2 ක පමණ තෙල් තට්ටුවක් මෙරට මුහුදු සීමාවේ පවතින බවයි.
හානියේ සම්පූර්ණ ප්‍රමාණය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් තවමත් නිශ්චය කර නොමැති අතර, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව, නෞකාව සඳහා රක්ෂණ සමාගම දැනටමත් ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 7.85 ක වන්දියක් ලබා දී ඇත.
සිංගප්පූරුවේ නඩු පැවරීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා පියවර සම්බන්ධයෙන් පරිසර ආරක්ෂණ අධිකාරිය තවත් අවිනිශ්චිත තත්ත්වයක සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart