October 26, 2024

මහමැතිවරණ අපේක්ෂක උපාලි කොඩිකාරගේ බිරිඳ වන කාන්ති කොඩිකාර මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා බෙදාහරිමින් සිටියදී පන්නිපිටියේදී ප්‍රහාරයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

කාන්ති කොඩිකාර සිය සැමියාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් ප්‍රදේශවාසීන් සමඟින් ගෙයින් ගෙට යමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇත.

ප්‍රහාරයෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.

පහරදීම සිදුකළ පුද්ගලයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

42.31%
17.27%
32.76%