Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය රජයේ ආරාධනය මත රජයේ නියෝජිත පිරිසක් ලබන වසරේ ජනවාරි මාසයේදී නවදිල්ලි නුවරට ගොස් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අදානි 9Adani) පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය පිළිබඳව නැවත සාකච්ඡා කරන බව පාලක ජාතික ජන බලවේගයේ සාමාජික චතුරංග අබේසිංහ පවසයි.
කිසිදු ටෙන්ඩරයක් නොමැතිව ඉන්දියාවේ අදානි සමූහයට ලබාදුන් පුනර්ජනනීය බලශක්ති ගනුදෙනුව, පාරිසරික ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කර ඇත.
දිවයිනේ වයඹ දිග වෙරළබඩ නගරයක් වන මන්නාරමේ අදානි සුළං බලශක්ති ගනුදෙනුව සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවතින බැවින් එය සමාලෝචනය කිරීමට ශ්‍රී ලංකාවේ අන්තර්වාර ආණ්ඩුව අධිකරණයෙන් කාලය ඉල්ලා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පසුගිය සතියේ ප්‍රකාශ කළේය.
විවෘත ටෙන්ඩර් නොමැතිව ක්‍රියාත්මක කර ඇති සියලුම ව්‍යාපෘති සහ පසුගිය ආණ්ඩුව යටතේ අනුමත කළ අදානි ව්‍යාපෘතිය සමාලෝචනය කරන බවත් ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළේය.
“මැතිවරණයට පෙර සිටම අපි ඒ ගැන තෘප්තිමත් නොවන බව නිශ්චිතවම පවසා තිබෙනවා. මෙම (තීරුබදු) අනුපාතය ගැන අපි සතුටු නොවන බව අදානි සමූහයට මෙන්ම ඉන්දීය රජයට ද පෙන්වාදුන්නා” යැයි ආර්ථික කරුණු පිළිබඳව අදහස් දක්වන ජාතික ජනබලවේගයේ සාමාජිකයෙකු වන චතුරංග අබේසිංහ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පැවැසීය.
”ජනවාරි මාසයේ පිටත්ව යන නියෝජිත පිරිසක් ඉන්නවා. එය ඉන්දීය රජයෙන් ලද ආරාධනයක්. එය අප සාකච්ඡා කරන ප්‍රධාන මාතෘකාවක්”
කෙසේවෙතත් ඉන්දියාව වෙත යන දූත පිරිස කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැති බව චතුරංග අබේසිංහ සඳහන් කළේය.
“නමුත් පැහැදිලිවම නව ආණ්ඩුවෙන් කිහිපදෙනෙක් සිටිනවා. ඔවුන් පවතින වෙළඳ හා කර්මාන්ත ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කරනවා” ඔහු පැවැසුවේය.
“ඒ වගේම සමහර සාකච්ඡා ඇනහිට තිබෙනවා. එබැවින් මෙය [අදානි ගනුදෙනුව] අප නැවත සලකා බැලිය යුතු විශේෂිත ගිවිසුමක්” යනුවෙන් ද චතුරංග අබේසිංහ අදාළ රූපවාහිනී වැඩසටහනේදී වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart