Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්තල, පමුණුගම ප්රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.
පමුණුගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් ප්රදේශවාසීන් පිරිසක් එම පොලිස් ස්ථානය ඉදිරිපිට පෙරදා රාත්රියේ විරෝධතාවයක නිරතවීමත් සමඟ එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා විය.
පසුගිය ඉරිදා (20) දින පමුණුගම, බෝපිටිය ප්රදේශයේ නිවසක් බිඳ රන් මාලයක් සොරකම් කළ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සීදූව ප්රදේශයේ පිහිටි ඔවුන්ගේ සේවා ස්ථානයේ සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් තරුණයන් අවුරුදු 20 සහ 24 වයස්වල පසුවන පමුණුගම සහ සෙත්තපාඩුව ප්රදේශවල පදිංචිකරුවන් බව පැවැසේ.
කෙසේවෙතත් මෙම තරුණයන් දෙදෙනා සොරකමට සම්බන්ධ නැති බව පවසමින්, මෙම තරුණයන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දුන් බවට දෙමාපියන් සහ ගම්වාසීහු පොලිස් නිලධාරීන්ට චෝදනා කරති.
පසුව දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන බවට දුන්ගල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සහතිකවීමත් සමඟ පිරිස පසුව විසිරගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart