October 26, 2024

මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් සහ ඉන්ටර්නැෂනල් රෙස්ටෝරන්ට් සිස්ටම්ස් (පෞද්ගලික) ලිමිටඩ් ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ බලයලත් සම්බන්ධතාවය නිල වශයෙන් අවසන් කරමින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ නීතිමය විසඳුමකට පැමිණ ඇත.

ඒ අනුව, මැක්ඩොනල්ඩ්ස් මෙහෙයුම් වසර ගණනාවක් International Restaurant Systems (Pvt) Ltd විසින් දේශීයව කළමනාකරණය කරන ලද හවුල්කාරිත්වයේ අවසානය මෙම ගිවිසුම සනිටුහන් කරයි.

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් දෙපාර්ශ්වයම ශ්‍රී ලාංකීය මහජනතාවට වසර ගණනාවක් පුරා දැක්වූ නොසැලෙන සහයෝගයට කෘතඥතාව පළර ඇත.

ඔවුන් වෙන්වීමේ ස්වභාවය සම්බන්ධයෙන් ජනමාධ්‍යවල පළවිය හැකි කටකතා හෝ අනුමාන වාර්තා නොසළකා හරින ලෙසද ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

මෙහිදී සිදුවූ බේරුම්කරණයේ නියමයන් ප්‍රසිද්ධියේ හෙළිකර නොමැත.

මැක්ඩොනල්ඩ්ස් තවමත් ශ්‍රී ලංකාව තුළ සිය අනාගත පැවැත්ම සඳහා කිසිදු නව සැලසුමක් ප්‍රකාශයට පත් කර නොමැත.

42.31%
17.27%
32.76%