October 25, 2024

අද අලුයම පානදුර – පින්වත්ත ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දී තිබේ.

පොලිසිය සඳහන් කළේ, ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනකු මෙම ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවයි.

තුවාල ලැබූ කාන්තාවන් ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම කාන්තාවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව පොලිස් වාර්තා පෙන්වාදෙයි.

පහරකෑමට ලක්ව ඇත්තේ 59 සහ 46 හැවිරිදි පින්වත්ත ඌරන්න බඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

42.31%
17.27%
32.76%