October 24, 2024

එළඹෙන 2024 මහ මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ ඇඟිලි සලකුණු කිරීමේ ක්‍රියාවලිය ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වම් අතේ දබර ඇඟිල්ල සලකුණු කරන බවයි.

වම් අතේ දබර ඇඟිල්ලක් නොමැති ඡන්දදායකයන්ගේ මාපටැඟිල්ලේ හෝ දකුණු අතේ වෙනත් ඇඟිල්ලක් සලකුණු කරනු ලැබේ.

2024 ජනාධිපතිවරණය සඳහා වම් අතේ කුඩා ඇඟිල්ල දැනටමත් සලකුණු කර ඇති අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා වම් අතේ මහපටැඟිල්ල යොදාගැනීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන ඇත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 2024 ඔක්තෝබර් 26 දින පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු මැතිවරණය 2024 නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිතය.

42.31%
17.27%
32.76%