October 24, 2024

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට එල්ල වන ආරක්‍ෂක තර්ජන පිළිබඳ බුද්ධි අංශ වාර්තා සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.

විජිත හේරත් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ මේ සම්බන්ධයෙන් අද පැවැති ජනමාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

“මැදපෙරදිග ඇතිවෙලා තියෙන යුදමය තත්ත්වයත් එක්ක ලංකාවට පැමිණිලා ඉන්න සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේ වගකීමක්. යම් යම් තොරුතුරු අනාවරණය වුණා. ලංකාවට පැමිණි සංචාරයගේ ආරක්ෂාවට යම් බාධා ඇතිවිය හැකියි කියලා. ඒ පිළිබද බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ලැබීමත් එක්ක අපි වහාම ක්‍රියාත්මක වුණා. අදට හරියටම මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාසයයි. මාසය තුළ අවස්ථා කිහිපයකදීම රැස්වුණා.

“තොරතුරු ලැබීමත් සමග විදෙස් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ආරුගම්බේ, බණ්ඩාරවෙල ඇල්ල, මාතර වැලිගම, අහුන්ගල්ල වෙරළ තීරයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන්නා. එම පොලිස් ආරක්ෂාව මේ මාසේ මුල ඉදළම යොදවන්න කටයුතු කරලා තියෙනවා. ආරක්ෂක මණ්ඩලය තුළ මේ තොරතුරු ගැඹුරින් සාකච්ඡා කළා. බුද්ධි අංශත් පොලීසියත් මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.

සැකපිට තොරතුරු මත පදනම්ව තුන්දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා. ඔවුන් යම්කිසි කැලඹිලිකාරී තත්ත්වයත් ඇතිකරන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහය කරලා තියෙනවාද කියන එක ගැන. ඒ අයගෙන් තොරතුරු ලබාගනිමින් තිබෙනවා. ලබාගත් තොරතුරු මත ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යනවා”

42.31%
17.27%
32.76%