October 24, 2024

පොලිස් සැරයන්වරයකුට පහරදීමට තැත්කරමින් මරණ තර්ජනය කළ ‘වැලි දිස්නා’ගේ පුතුන් දෙදෙනා සම්බන්ධව නොච්චියාගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ සැරයන්වරයා නොච්චියාගම අධිකරණයේ පැවැත්වෙන නඩුවකට සාක්ෂි දීමට යතුරුපැදියෙන් යමින් සිටියදී සැකකරුවන් දෙදෙනා ටිපර් රථයකින් පැමිණ ඔහුව හප්පා අනතුරට ලක්කිරීමට උත්සාහ කර තිබෙන බවද පොලිසිය අනාවරණය කරයි.

දැනට වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි කරන මෙම සැරයන්වරයා මීට පෙර රාජාංගණය පොලිසියේ රාජකාරී කරන අවස්ථාවේ නීතිවිරෝධී වැලි ජාවාරම් වැටළිම් හේතුවෙන් මෙලෙස මරණ තර්ජන එල්ල කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%