October 24, 2024

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සහ පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනකු සමග ප්‍රතිකාර සඳහා රාගම රෝහලට රැගෙන ආ නයිජීරියානු ජාතිකයකු ඔවුන්ගෙන් මිදී පළාගොස් ඇති බව රාගම පොලිසිය පවසයි.

තිස් හැවිරිදි නයිජීරියානුවාට අත්විලංගු දමා නොමැති අතර වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා වැසිකිළියට ගොස් එහි ජනේලයකින් පළාගොස් ඇති බව අනාවරණය වේ.

මෙලෙස පළාගොස් ඇත්තේ වැලිසර මහබාගේ පිහිටුවා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන විදේශික රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

42.31%
17.27%
32.76%