October 24, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්නගේ පෞද්ගලික ලේකම්වරයා කාර් රථයකින් පැහැරගෙන ගොස් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ මව, පියා, දියණිය සහ ඔවුන්ගේ මිතුරන් දෙදෙනකු සොයා කඩුගන්නාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පිළිමතලාව ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වූ මෙම පෞද්ගලික ලේකම්වරයා තිස්හතර හැවිරිදි ව්‍යාපාරිකයකු වන අතර ඔහු මැණික්දිවෙල ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය පවසයි.

ඔහු සතුව තිබූ රුපියල් හතළිස්දහසකට ආසන්න මුදලක් සහ රන් මාලයක් පැහැරගත් පුද්ගලයන් විසින් කොල්ලකා ඇති බව අනාවරණය වෙයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කඩුගන්නාව පොලිසිය විසින් සිදුකරනු ලබයි.

42.31%
17.27%
32.76%