October 23, 2024

කුඹුක ප්‍රභූ ආරක්ෂක පුහුණු කඳවුර ආසන්නයේ කුඹුරක වැඩකරමින් සිටි පුද්ගලයකු වෙඩිවැදීමෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.

අකුණු සැර වැදුණු බව පවසා රෝහල්ගතවී ඇති මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමේදී අල්ලෙහි තිබුණු ටී පනස්හය මූණිස්සමක් වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව ශල්‍යකර්මයක් සිදුකර එම මූණිස්සම ඉවත් කළ බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශනය කරයි.

42.31%
17.27%
32.76%