October 23, 2024

ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල නීතිවිරෝධී ව්‍යාපාර පවත්වාගෙන යන ඊශ්‍රායල ජාතිකයන්ට එරෙහිව වහා පියවර ගතයුතු බව සමගි ජන බලවේගයේ (SJB) අපේක්ෂක රෙහාන් ජයවික්‍රම අවධාරණය කරයි.

X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මෙසේ සඳහන් කරයි.

“ඇතැම් ඊශ්‍රායල ව්‍යාපාර හිමියන්ගේ නීතිවිරෝධී ක්‍රියා බොහෝ කලක සිට පවතිනවා. මෙයට තිත තබා සාධාරණ ක්‍රියාදාමයක් සහතික කරන ලෙස විවිධ ආණ්ඩුවලට නොයෙකුත් ආයාචනා කළත් එම ඉල්ලීම් නොසළකා හැර තිබෙනවා. දැන් අපි බරපතල ආරක්ෂක තර්ජනයකට මුහුණ දී සිටිනවා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය අඩාළ කරනවා.

“බලධාරීන් මෙම තත්ත්වය කඩිනමින් විසඳිය යුතුයි.මෙම අනතුරු ඇඟවීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාවට අත්වන ප්‍රතිවිපාක අප අපේක්ෂා කරනවාට වඩා දරුණු වියහැකියි.

“ආරුගම් බොක්ක ආශ්‍රිත සංචාරක සමය අවසන් වන විට, දකුණු සංචාරක සමය ආරම්භ වෙනවා. වැලිගම ප්‍රදේශයේ දැඩි මාර්ග බාධක තිබීම දැනටමත් සංචාරකයන් තුළ බියක් ඇති කරමින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැකයක් ඇතිකර තිබෙනවා.

“මෙම අස්ථාවරත්වය ඇතිකරවන ඊශ්‍රායල ජාතිකයන්ට, මම එක දෙයක් පැහැදිලිව කියන්නම්. ඔබ වෙනත් තැන්වල කළාක් මෙන් අපේ ඉඩම් බලහත්කාරයෙන් හෝ නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීමට නොහැකියි. ඔබට නීතිවිරෝධී ව්‍යාපාරික කටයුතු සිදුකර අන් අයගේ අවස්ථා විනාශ කළ නොහැකියි. අපි ඔබව මෙම සුන්දර දිවයිනට පිළිගත්තත් , මෙය ඔබේ රට නොවේ. ඔබ මේ රටේ නීතිවලට ගරු කළ යුතුයි.”

42.31%
17.27%
32.76%