October 23, 2024

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි විදේශීය සංචාරකයන් ගැවසෙන ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානමක් මතුවීමත් සමග මෙරට පිහිටි තවත් විදෙස් තානාපති කාර්යාල කිහිපයක් සිය සංචාරක උපදෙස් මාලාවන් යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය මෙරට සිටින රුසියානු වැසියන්ට දැනුම්දෙන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ රැඳී සිටින විදේශීය සංචාරකයන්ට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පිළිබඳ පොලිසිය දැනුම් දී ඇති බැවින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස සහ ජනයා ඒකරාශී වන ස්ථානවලට රැස්වීමෙන් වළකින ලෙසයි.

එමෙන්ම මෙරට පිහිටි ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ද සිය සංචාරක උපදෙස් මාලාව යාවත්කාලීන කර තිබේ.

එම මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාර අවදානමක් පවතින බවයි.

කලාපීය සහ වෙරළබඩ නගර ඇතුළුව විදේශිකයන් සහ සංචාරකයින් අතර ජනප්‍රිය ප්‍රදේශ ත්‍රස්තවාදීන් ඉලක්ක කළ හැකි බව ද එහි දැක්වේ.

”මැදපෙරදිග සිදුවෙමින් පවතින ගැටුම අනෙකුත් කලාපවල ඊශ්‍රායල අවශ්‍යතාවලට එරෙහි ප්‍රහාරවල තර්ජනයට තුඩුදිය හැකිය. නැවත දැනුම්දෙන තුරු ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිමින් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඔක්තෝබර් 23 වන දින ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.” යනුවෙන් මෙරට පිහිටි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

42.31%
17.27%
32.76%