October 23, 2024

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද සංචාරක උපදේශනයට අනුව, ශ්‍රී ලංකාව එළඹෙන සංචාරක සමයේදී විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක වැඩසටහන් වේගවත් කර ඇත.

නැගෙනහිර ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්කෙහි සංචාරක ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් තර්ජනයක් එල්ල වන බවට විශ්වාසනීය අනතුරු ඇඟවීමක් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කිරීම හරහා මෙරටට පැමිණෙන විදේශිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල මතුව තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, රට පුරා සිටින සංචාරකයන් ආරක්ෂා කිරීමේ අරමුණින් විශේෂ ආරක්ෂක වැඩසටහනක් දියත්කර ඇති බවයි.

පොලිසියට අනුව, මෙම වැඩසටහන සඳහා පොලිස් සංචාරක කොට්ඨාසය ශක්තිමත් කිරීම සහ සංචාරක ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම සඳහා දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත නියෝග නිකුත් කිරීම ඇතුළත් වේ.

නව ආරක්ෂක විධිවිධානවල කොටසක් ලෙස, ශ්‍රී ලංකා පොලිසිය විසින් සංචාරකයන් සඳහා ආරක්ෂක ගැටළු වාර්තා කිරීම වෙනුවෙන් හදිසි දුරකථන අංකයක් (1997) ක්‍රියාත්මක කර ඇත.

සංචාරකයන් සඳහා ආරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම සඳහා හෝටල් හිමියන්, කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සක්‍රීයව මැදිහත්වන ලෙසද බලධාරීන් ඉල්ලා ඇත.(The Morning)

42.31%
17.27%
32.76%