October 23, 2024

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවකු එම විශ්වවිද්‍යාලයේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉහළ මහලෙන් ඇදවැටී අද උදේ මියගොස් ඇත.

පොලිසිය පැවසුවේ, තුවාල ලැබූ සිසුවා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කළ ද ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිසිය මේ වන විට පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%