Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු දෙක පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පසුගියදා කළ හෙළිදරව්වෙන් පසුව ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නව විමර්ශනයක් ආරම්භ කිරීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පත්කළ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන නිලධාරීන් දෙදෙනා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නොසළකා හැරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ගම්මන්පිල පැවැසීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ලබාදී තිබූ අනතුරු ඇඟවීම් පිළිබඳව බුද්ධි අංශ ගෙන ඇති ක්‍රියාමාර්ග සෙවීමට රනිල් වික්‍රමසිංහ පත්කළ කමිටුවේ කරුණු හෙළිකළ ගම්මන්පිල, පූර්ව අනතුරු ඇඟවීම් නොසළකා හැරීම සම්බන්ධයෙන් අබේසේකර සහ සෙනෙවිරත්න වගකිව යුතු බව සඳහන් කළේය.
විශ්‍රාමලත් විනිසුරු ජානකී අල්විස් ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව මේ වසර මුලදී රනිල් වික්‍රමසිංහ විසින් පත්කළේ, එය ශානි අබේසේකරට සහ රවී සෙනෙවිරත්නට එරෙහිව දේශපාලන පළිගැනීමේ ක්‍රියාවක් ලෙසින් යැයි විශ්වාස කරන බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ද කමිටුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart