Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2011 වසරේ අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ හැර දිවයිනේ ඕනෑම අධිකරණයක සාක්ෂි ලබාදීමට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාකැමැත්ත පළකර ඇත.
ඔහු මෙම ප්‍රකාශය කළේ ඔහුගේ නීතිඥ රොමේෂ් ද සිල්වා මාර්ගයෙන් ඊයේ (ඔක්තෝබර් 22) ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.
2011 වසරේ යාපනයේදී අතුරුදන් වූ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මෙම නඩුව ක්‍රියාත්මක වේ.
එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි දීමට මුලින් කැඳවා තිබිණි.
කෙසේවෙතත්, ආරක්ෂක හේතූන් මත එහි පෙනීසිටිය නොහැකි බවට ඔහු තර්ක කළේය.
හිටපු ජනාධිපතිවරයාට යාපනය අධිකරණයේ නඩු විභාගවලට සහභාගි විය නොහැකි නමුත් ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම අධිකරණයක සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ එහි දිගුවක් වශයෙනි.
අභියාචනාධිකරණය විසින් මීට පෙර ලබාදුන් තීන්දුවක් අභියෝගයට ලක්කරමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ගොනුකළ පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව අධිකරණයට දැනුම්දෙනු ලැබීය.
ජනාධිපති ධූරයේ කටයුතු කරමින් සිටියදී ගෝඨාභය රාජපක්ෂ සාක්ෂිකරුවකු ලෙස කැඳවිය නොහැකි බවට කළින් තීරණය කර තිබිණි.
ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දැක්වීම සිදුවිය.
පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ජනාධිපති ලෙස කටයුතු නොකරන බැවින් සාක්ෂි දීමට ඔහුට දැනුම්දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.
මෙම කාරණය පිළිබඳ වැඩිදුර සළකා බැලීම සඳහා අධිකරණය මීළඟ නඩු විභාගය 2025 මාර්තු 18 දිනට නියම කර ඇත.
කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මේ වන විට රටින් පිටව සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart