October 22, 2024

රජය විසින් යෝජිත ඩිජිටල් ආර්ථික වැඩසටහන මෙහෙයවීම සඳහා ඩයලොග් හි (Dialog Axiata) හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකාවේ ටෙලිකොම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන ආචාර්ය හාන්ස් විජයසූරියට රජය ආරාධනා කර ඇති බව වාර්තා වේ.

එම ආරාධනයට ආචාර්ය විජයසූරිය තවමත් ප්‍රතිචාර දක්වා නැති නමුත් බොහෝදුරට එය පිළිගනු ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ සඳහන් කරයි.

මේ අතර, අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් කියාසිටියේ ඩිජිටල් අමාත්‍යාංශයක් පිහිටුවීමට රජය සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා දායක වීමට ඩිජිටල් අංශයේ ප්‍රවීණයන්ට ආරාධනා කරන බවද ඔහු පැවසීය.

කෙසේවෙතත්, ක්‍රියාවලිය අවසන් වූ පසු ඊට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් හෙළිකරන බව ඔහු සඳහන් කළේය.

42.31%
17.27%
32.76%