October 22, 2024

අත්අඩංගුවට ගත් බීඩි කොළ කිලෝ 620ක් අඩංගු මිටි 20ක් සොරකම් කළ කල්පිටිය පොලිස් ස්ථානයේ රථවාහන අංශ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උපපොලිස් පරීෂකවරයකු සහ ධීවර රැකියාවේ නිරත වන පුද්ගලයකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 620ක් කහ කිලෝග්‍රෑම් 1200කට අධික ප්‍රමාණයක් කටුනායක රේගු නිලධාරීන් වෙත භාරදීම සදහා කටුනායක ප්‍රදේශයට යමින් සිටියදී, මීගමුවේ පාලු ඉඩමකට ලොරි රථය රැගෙන ගොස් මෙලෙස බීඩි කොළ සොරකම් කළ ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දිරා ගිය බීඩි කොළ මෙම නඩු භාණ්ඩවලට මාරු කර ඇති බව අනාවරණය වී තිබේ.

42.31%
17.27%
32.76%