October 22, 2024

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමඟ වොෂිංටනයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව සුබවාදී අදහස් පළකර ඇත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය ආරක්ෂා කරගැනීමේ අරමුණින් අඛණ්ඩ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඇය අවධාරණය කර තිබේ.

රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන ප්‍රයත්නයන්හිදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහයෝගය ද ජෝර්ජිවා යළිත් තහවුරු කර ඇත.

42.31%
17.27%
32.76%