October 22, 2024

බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමිතියෙන් තොර බ්‍රෙත්ලයිසර් යන්ත්‍ර මිලදී ගෙන ඇති බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්, තත්ත්ව පරීක්‍ෂණවලින් අසමත් වූ බ්‍රෙත්ලයිසර් පෙට්ටි 14,803 සඳහා මුදල් ගෙවා නොමැති බව පොලිසිය පැහැදිලි කර ඇත.

පොලිසිය පවසන පරිදි සෑම පෙට්ටියකම හුස්ම පරික්ෂා කිරීමේ නළ 10ක් අඩංගු වේ.

පොලිස් සැපයුම් අංශය මගින් බ්‍රෙත්ලයිසර් 15,000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබූ අතර එම නළ සැපැයීම සඳහා පෞද්ගලික සමාගමක් තෝරාගෙන ඇති බව පැවසිණි.

ප්‍රංශයෙන් ආනයනය කරන ලද පළමු නැව්ගත කිරීම ලෙස සමාගම මුලින් පෙට්ටි 197 ක් ලබාදී ඇත.

මෙම තොගයේ සාම්පල රජයේ විශ්ලේෂකයන් වෙත යැවීමෙන් පසු ඒවා ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල බව අනාවරණය වී ඇති අතර පසුව තොගය රථවාහන මූලස්ථානය වෙත මුදාහැර ඇතැයි පැවැසේ.

එහි දෙවැනි තොගය ලෙස බ්‍රෙත් ඇනලයිසර් 10 බැගින් අඩංගු පෙට්ටි 14,803ක් සපයා ඇති අතර, දෙවැනි කාණ්ඩයේ සාම්පල තත්ත්ව පරීක්ෂාව සඳහා රජයේ විශ්ලේෂකයන් වෙත යවා ඇති නමුත් විශ්ලේෂකයන් විසින් බ්‍රෙත් ඇනලයිසර් භාවිතයට නුසුදුසු යැයි හඳුනාගෙන ඇත.

මෙම නිර්දේශය අනුව පොලිසිය සැපයුම්කරුට දන්වා නැවත ඇගයීම සඳහා වැඩිදුර සාම්පල යවා ඇත.

සැපයුම්කරු පසුව අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, ගැටළුව පැහැදිලි කිරීම සඳහා රජයේ විශ්ලේෂකයන් සමඟ සාකච්ඡාවක් ඉල්ලා ඇත.

පළමු බ්‍රෙත්ලයිසර් ටියුබ් 1,970 සඳහා පමණක් මුදල් ගෙවා ඇති බවත්, දෙවැනි කාණ්ඩයේ පෙට්ටි 14,803 සඳහා ගෙවීමක් සිදුකර නොමැති බවත් පොලිස් සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ජනමාධ්‍ය වෙත පවසා තිබේ.

42.31%
17.27%
32.76%