October 22, 2024

හලාවත – සිංහපුර දෙමහල් නිවසක තිබී සොයාගත් මළසිරුරු තුනේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එය ද්විත්ව ඝාතනයක් සහ සියදිවි නසාගැනීමේ සිද්ධියක් බව අනාවරණය වී තිබේ.

හලාවත මහ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරී ඉලංගරත්න බණ්ඩාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණය පැවැත්වුණු අතර එහිදී දැරිය සහ කාන්තාව මරාදමා පිරිමි පුද්ගලයා ගින්නට පැන මියගිය බවට නිගමනය කර ඇත.

මෙම ඛේදනීය සිදුවීමට සම්බන්ධ එකම පවුලේ තිදෙනකු වන අතර, ඔවුන් අතරට 15 හැවිරිදි දැරියක් ඇතුළත් වේ.

මියගිය පියා වෙත එල්ල වූ සැකය මත මෙම මරණ මිනීමැරුමක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව හලාවත පොලිසියේ මූලික විමර්ශනවල දී අවධානය යොමුවිය.

පශ්චාත් මරණ පරීක්ෂණ ප්‍රතිඵල අනුව එය ද්විත්ව ඝාතනයක් සහ සියදිවි නසාගැනීමක් බවට සැකය තහවුරු විය.

Suicide in Sri Lanka | Daily News

42.31%
17.27%
32.76%