October 22, 2024

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ මහනුවර – අනිවත්තේ පිහිටි නිවසේ තිබී පසුගියදා සුඛෝපභෝගී වාහන දෙකක් සොයාගත් බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ බෑනා පවසයි.

ඊයේ ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, තමාගේ සහ තම මාමණ්ඩිගේ කීර්තිනාමයට කැළලක් වන මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවයි.

තමන් දැනට පදිංචිව සිටින්නේ කොළඹ බව පවසමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ, එම වාහන මහනුවරින් සොයාගෙන ඇති බවත් තමන් කිසිදු ආකාරයකින් ඊට සම්බන්ධ නැති බවත්ය.

එම අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වැඩිදුරටත් කියාසිටියේය.

පසුගියදා මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබී මහනුවර අපරාධ කොට්ඨාශය විසින් BMW මෝටර් රථයක් සහ SUV රථයක් සොයා ගැනීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළේය.

මෙම රථ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ ඥාතියකුට අයත් එකක් බවත් එය නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ඒවා බවට සැක කෙරෙන බවත් මුලින් වාර්තා විය.

42.31%
17.27%
32.76%