October 21, 2024

ඉදිරි මහ මැතිවරණයට තැපැල් පෙට්ටිය ලකුණින් තරග කරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එක්වෙමින් සමගි ජන බලවේගයෙන් ඉවත් වූ බව දේශපාලන ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න ප්‍රකාශ කළාය.

“සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මට යුක්තිය ඉටු නොකළ නිසා සහ මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු නොකළ නිසා මම එම පක්ෂය හැර යාමට තීරණය කළා” යැයි දමිතා අබේරත්න ජනමාධ්‍ය වෙත පැවසීය.

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා සජබ අපේක්ෂක ලැයිස්තුවෙන් දමිතා අබේරත්නගේ නම ආන්දෝලනාත්මක ලෙස කපාහැරීමට ලක්වූයේ අවසන් මොහොතේ එනම් ඔක්තෝබර් 11 වැනිදා නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනයේය.

හැදෙන හදන රටකට පෙරළියක ඇරඹුම’ තේමාව යටතේ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව දේශපාලන සන්ධානයක් පසුගිය දා (08 දා) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී එළිදක්වන ලදී.

මෙම සන්ධානය තැපැල් පෙට්ටිය ලකුණින් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වේ.

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 10කට අධික සංඛ්‍යාවක් එක්ව සිටින මෙම සන්ධානයේ ප්‍රධාන අපේක්ෂකයා ලෙස එහි සභාපති නීතිවේදී, ආචාර්ය මොහාන් පෙරේරා මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.

ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඔහු එම සන්ධානයේ අගමැති අපේක්ෂකයා ද වෙයි.

42.31%
17.27%
32.76%