October 21, 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිහරණයට ලබාදුන් වාහන තුනක් ආපසු භාරදී තිබේ.

ඒ අනුව අද (21) එම වාහන 3 ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදෙනු ලැබීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති ගිලන් රථය සහ ඇතුළුව ආරක්ෂක රථ 3ක් ලබන සඳුදා ආපසු බාරදීමට කටයුතු කරන බව පසුගිය සෙනසුරාදා ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරන ලද්දේ, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට නිල රථ හයක් ලබාදී ඇති අතර ඉන් 3ක් මෙලෙස ආපසු බාරදීමට පියවර ගන්න බවයි.

42.31%
17.27%
32.76%