October 21, 2024

ආරාධනාවකින් තොරව උපන්දින සාදයකට සහභාගි වී ආරවුලක් ඇතිකරගත් පොලිස් කොස්තාපල්වරයකු නිවෙස් හිමියන්ගේ පහරකෑමට ලක්වී හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ හතරලියද්ද පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරයාගේ පහරකෑමට ලක්වූ නිවෙස් හිමියාද හඳබෝව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව ඇති බව හතරලියද්ද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.

42.31%
17.27%
32.76%