October 20, 2024

පෙර නාමයෝජනා ලැයිස්තුවට අනුව මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින්, පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසු වෙනත් පක්ෂවලට ගිය දේශපාලනඥයන්, හෙළිදරව් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාපවසයි.

අධිකරණ නියෝගයට අනුව දැනට භාරදී ඇති නාමයෝජනා මත මැතිවරණය පවත්වන බවද ඔහු සඳහන් කළේය.

මහනුවරදී පැවැති වැඩමුළුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ජනමාධ්‍යවේදීන් අමතමින් පවසා ඇත්තේ, එක් දේශපාලන පක්ෂයකින් තේරී පත්වී වෙනත් පක්ෂයකට ගිය අපේක්ෂකයන් නෙරපා හැරීමට හෝ නොකිරීමට තීරණයක් ගැනීමට මැතිවරණ නීතිවලට අනුව පක්ෂ මහලේකම්වරයෙකුට බලතල ඇති බවයි.

පසුගිය ආණ්ඩුව සමයේ පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවීමට යෝජනාවක් ඉදිරිපත් වූ නමුත් එය ක්‍රියාත්මක වූයේ නැත.

42.31%
17.27%
32.76%