October 20, 2024

නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණයට සති දෙකක් පමණක් ඉතිරිව තිබියදී මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලකයෝ ඡන්දදායකයන්ට සමීපවීම සඳහා සෘණාත්මක ප්‍රචාර ඇතුළු ඕනෑම ආකාරයක ප්‍රසිද්ධියක් මගින් ඡන්දය ලබාගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටිති.

“ඕනෑම ප්‍රසිද්ධියක් හොඳ ප්‍රචාරයක්” යනුවෙන් ප්‍රචාරණ කවයේ පැරණි කියමනක පවසන පරිදි, ප්‍රාදේශීය දේශපාලකයකු එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇත්තේ, තමාට සමාන පෙනුම ඇති පුද්ගලයකු සිටින වීඩියෝවක් පසුගිය සතියේ සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වනු දැකීමෙන් පසුවය.

පසුගිය ඡන්ද විමසීමේදී වැඩිම මනාප ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් දැක ඇත්තේ, තමාට සමාන පෙනුමක් ඇති පුද්ගලකු කාර්යාල පරිසරයකදී නිලධාරියෙකුට පහරදෙන විදියෝවකි.

ඇත්තෙන්ම මෙම සිදුවීම ඉන්දියාවේ උතුරු ප්‍රාන්තවලින් එකක බැංකුවක සිදුවූ දෙයක් බව හෙළිවී ඇත.

එහෙත් සංස්කරණය කරන ලද කම්මුල් පහරවල් සහිත දර්ශන සහිත ප්‍රති-වීඩියෝවකින් හිටපු මන්ත්‍රීවරයා එම ඉන්දියානු වීඩියෝව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ, එය තමාව අපකීර්තියට පත්කිරීමට විරුද්ධවාදීන් විසින් සැලසුම් කළ ක්‍රියාවක් බවයි.

42.31%
17.27%
32.76%