October 20, 2024

රුපියල් බිලියනයකට වැඩි මුදලක් වැයකරමින් මීට වසර 13කට පමණ පෙර ඉදිකළ සංගුපිඩ්ඩි පාලම මත බර වාහන ගමනාගමනය සීමාකර ඇත.

පාලමේ දුර්වල නඩත්තුව සහ දුර්වල ගුණාත්මක බව හමුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ප්‍රාදේශීය කාර්යාලය විසින් නිවේදනයක් මගින් මේ බව දඹදි තිබේ.

ඒ 32 මාර්ගය ඔස්සේ උතුරු පළාතේ දිස්ත්‍රික්ක තුනක් යා කෙරෙන අතිශය වැදගත් ගොඩබිම් පාලම රුපියල් මිලියන 1037 ක වියදමින් ඉදිකරන ලද අතර, එය 2011 ජනවාරි මාසයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලදී.

සිකුරාදා, මාර්ග සංවර්ධන අධිකාරියේ උතුරු කාර්යාලය නිවේදනය කළේ, මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා, තට්ටුවේ තහඩු විඛාදනයට ලක්වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පාලම මත බර වාහන ගමනාගමනය තාවකාලිකව සීමාකළ බවයි.

මහජන ආරක්‍ෂාව සළකා බලා, අලුත්වැඩියා කිරීම් සිදුකරන තුරු අනවශ්‍ය හානි වළක්වා ගැනීම සඳහා පාලම මතින් බර වාහන ගමනාගමනය සීමා කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මෙම පාලමේ ඉදිකිරීම් බාල බව උතුරේ ජනතාව පවසන අතර, දැන් නඩත්තු කටයුතු ඔස්සේද යම් අක්‍රමිකතාවක් සිදුවේදැයි ඔවුහු සැක පළකරති.

42.31%
17.27%
32.76%