October 19, 2024

ඉන්දීය නාවික හමුදාවට අයත් අයිඑන්එස් කල්පේනි (INS Kalpeni) නෞකාව අද කොළඹට පැමිණි බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අණදෙන නිළධාරී, කමාන්ඩර් සුනිල් කුල්හාරි, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ නවාතැන් ගන්නා කාලය තුළ හමුවීමට නියමිතය.

INS Kalpeni යනු ඉන්දියානු නාවික හමුදාවේ Car Nicobar-class Waterjet FAC නෞකාවක් වන අතර එය 2010 ඔක්තෝබර් 14 දින පළමුවරට දියත් කර ඇත.

මෙම නෞකාව ලක්ෂද්වීප් දූපත් සමූහයේ කල්පේනි දූපත අනුව නම් කර ඇත.

එය වෙරළබඩ නිරීක්ෂණ සහ ආරක්‍ෂාවේ මූලික කාර්යභාරය සමඟ කොචි හි ස්ථානගත කර තිබේ.

මෙම නෞකාව ජාවාරම් මර්දන, යාත්‍රාවලට ගොඩවීම, සෝදිසි කිරීම් සහ අල්ලාගැනීම් මෙන්ම සෝදිසි කිරීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂීකරණය වේ.

නෞකාව 2024 ඔක්තෝබර් 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ රැඳීසිටී.

නෞකාව මගින් අත්‍යවශ්‍ය තාක්ෂණික ආධාරක මෙවලම් රැගෙනවිත් ඇති අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදීමට නියමිතය.

පහසුකම් ලබාගැනීමේ කටයුතුවලට අමතරව, නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ සහ ඒ අවට වැදගත් ස්ථාන නැරඹීමට ද නියමිතය.

42.31%
17.27%
32.76%