October 19, 2024

නීතිවිරෝධී ලෙස මෙර­ටට දුම්වැටි රැගෙනවිත් අලෙවි කිරීමේ ජාවා­ර­මක් සම්බ­න්ධ­යෙන් පොලිස් විශේෂ කාර්ය බළ­කාය කළ වැට­ළීම­කදී මගී බස්රථ හිමි­ක­රු­ව­කුගේ තලං­ගම පිහිටි නිවෙ­සක තිබී විවිධ පුද්ග­ල­යන්ට අයත් හැඳු­නු­ම්පත් සහ රියැ­දුරු බල­පත්‍ර 29ක් හමුවී තිබේ.

ජාතික හැඳු­නු­ම්පත් විසි­දෙ­කක්, රියැ­දුරු බල­පත්‍ර හයක් සහ පොලිස් සැර­ය­න්ව­ර­ය­කුගේ පොලිස් හැඳු­නු­ම්ප­තක් ඒ අතර තිබී ඇත.

මේ සම්බ­න්ධ­යෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී සහ විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත්තේ, බස් රථ­වල වැටී තිබී හමු වූ මුදල් පසු­ම්බි­වල තිබුණු හැඳු­නු­ම්පත් සහ රියැ­දුරු බල­පත්‍ර ඔහු මෙසේ තමා ළඟ තබා­ගෙන සිට ඇති බවය.

මුදල් සහ හැඳු­නු­ම්පත් තබා­ගෙන මුදල් පසුම්බි විසි කර ඇති බවත් එම මුදල් පසුම්බි සහ හැඳු­නු­ම්පත් හිමි­ක­රු­වන්ට ලබානොදී ඔහු සිය සන්ත­කයේ තබා­ගෙන සිට ඇති බවත් විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත.

මෙසේ ඔහු හැඳු­නු­ම්පත් සහ රියැ­දුරු බල­පත්‍ර රැස්කර ඇත්තේ නීතිවිරෝධී ක්‍රියා­වක් සඳහා යොදාගැනී­මට දැයි සැක­යක්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිල­ධා­රින්ට ඇතිවී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළ­කායේ බුද්ධි අංශ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂකවරයාගේ මෙහෙ­ය­වී­මෙන් තලං­ගම කන්ද­වත්ත පාරේ පිහිටි මගී බස්රථ එකො­ළ­හක හිමි­ක­රු­වෙක් බව කියන පුද්ග­ල­ය­කුගේ නිවෙ­සක් පෙරේදා වටළා ඇත්තේ එම නිවසේ නීතිවිරෝධී දුම්වැටි ඇති බවට ලද තොර­තු­ර­කට අනු­වය.

එහිදී නිවෙසේ ගරා­ජ­යක තිබී විවිධ වර්ගයේ දුම්වැටි හාර­දහසක් පමණ සොයා­ගෙන තිබේ.

අන­තු­රුව නිවෙස පරීක්ෂා කිරී­මේදී හැඳු­නු­ම්පත් සහ පොලිස් සැර­ය­න්ව­ර­යාගේ නිල හැඳු­නු­ම්පත හමුවී ඇත.

මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශ­නය සඳහා සැක­කාර බස්රථ හිමි­කරු තලං­ගම පොලිස් ස්ථාන­යට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය සඳ­හන් කරයි.(දිනමිණ)

42.31%
17.27%
32.76%