October 19, 2024

එයාර් ලයින් රේටින්ග්ස් (AirlineRatings.com) විසින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම තරු හතේ සිට හය දක්වා පහත හෙළා ඇත.

ඕස්ට්‍රේලියාවේ සිඞ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූළුල් 607 දරන ගුවන්යානයේ කපිතාන්වරයා විසින් නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධිය අතිශය බරපතල සිද්ධියක් සේ දක්වමින් මෙම පහත දැමීම සිදුකර තිබේ.

සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධ කපිතාන්වරයා පසුගියදා ඉල්ලා අස්වී ඇතැයි වාර්තා විය.

පසුගිය දිනක ගුවන් ගමනක් අතරතුර සිදු වූ මෙම සිදුවීම, වැසිකිළි විවේකයේ දී ඇති වූ මතභේදයක් මත කපිතාන්වරයා පළමු කාන්තා නිලධාරිනිය නියමු කුටියෙන් පිටතට අගුළු දැමීම සම්බන්ධයෙන් වාර්තා විය.

මූලාශ්‍රවලට අනුව, එයාර්බස් A330 ගුවන් යානයේ ගමන බාධාවකින් තොරව දිගටම පැවතුණද, මෙම තත්ත්වය මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර කලබලයක් ඇතිකර තිබිණි.

සිද්ධියෙන් පසු පරීක්ෂණයක් ආරම්භ කර තිබුණු අතර, කපිතාන්වරයාගේ වැඩ තාවකාලිකව අත්හිටුවා තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පොදු සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පරීක්ෂණ දෙකක් පවත්වන බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් තවත් පරීක්ෂණයක් පවත්වන බවත්ය.

එසේම මෙම සිදුවීම පදනම් කරගනිමින් ආසියාවේ පැරණිතම ගුවන් සේවයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශාල අපකීර්තියක් සහ කැළලක් සිදු වූ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

අදාළ සියලුම පරීක්ෂණ අන්තර්ජාතික ගුවන් ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූලව සිදුවන බවත් මේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයකින් අනතුරුව ඊට අදාළ තීරණ ගැනීම සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිදුකරන බවත් දීපාල් පෙරේරා ප්‍රකාශ කර තිබේ.

42.31%
17.27%
32.76%