October 19, 2024

රෝගී තත්වයන් හේතුවෙන් මියයන ඌරන්ගේ මාංශ අනුභව නොකරන ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවට දැනුම්දෙයි.

කෙසේවෙතත්, ඌරු මස් පරිභෝජනය කිරීම සඳහා ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි පවසයි.

හඳුනානොගත් වෛරසයක් හේතුවෙන් ඇති වූ රෝගයකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු සම්පත් ගොවිපළවල සිටි ඌරන් 1000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි පසුගියදා වාර්තා විය.

ගොවීන් පවසන පරිදි ආසාදිත ඌරන් දින දෙකක් ඇතුළත මියගොස් ඇති අතර වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

වෛරසය පාලනය කිරීමට පියවර නොගතහොත් වෙනත් ප්‍රදේශවලට ද පැතිර යා හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් මස් පිණිස ඌරන් ඇතිකරනු ලබන ගොවිපොළවල සහ ඌරු මස් අලෙවිකරන ස්ථාන විශේෂ පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%