October 18, 2024

එළඹෙන මහමැතිවරණය සඳහා වන්නි මැතිවරණ කොට්ඨාසයේ සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (DNA) මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, ඔවුන්ගේ නාමයෝජනා භාරදීම ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ගත් තීරණයෙන් පසුවය.

මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල්වරයා, එහි සාමාජිකයන්, වන්නි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා ඇතුළු තවත් කිහිපදෙනකු වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ බලයලත් නිලධාරි පරරාජසිංහම් උදයරාසා සහ තවත් දෙදෙනකු විසිනි.

අවශ්‍ය සියලුම ලියකියවිලි නිසි පරිදි ඉදිරිපත් කර ඇති බවට තර්ක කරමින් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම නීත්‍යානුකූල නොවන බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.

තේරීම්භාර නිලධාරියාගේ තීරණය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

මීට අමතරව, දැනට නොවැම්බර් 14 දිනට නියමිත වන්නි දිස්ත්‍රික්කයේ මහමැතිවරණ ඡන්ද විමසීම නඩුව විභාගයට ගන්නා තෙක් කල්දමමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

42.31%
17.27%
32.76%