October 18, 2024

සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා ආපනශාලා ජාලයක් වන Ministry of Crab විසින් අසාධාරණ තරඟකාරිත්වය පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2024 ඔක්තෝබර් 9 වැනි දින කොළඹ වාණිජ මහාධිකරණය විසින් ‘The King Crab’ ලෙස හඳුන්වා ගන්නා අවන්හලකට එරෙහිව වාරණ නියෝග දෙකක් නිකුත් කර ඇත.

Ministry of Crab ලියාපදිංචි ශ්‍රී ලංකා ආයතනය වන Crab Corp Ltd වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ‘The King Crab’ අවන්හල තම අවන්හලට සමාන ලෙස සුවිශේෂී කහ සහ කළු වර්ණ සංයෝජන භාවිත කරන බවත්, වඩාත්ම කැපීපෙනෙන ලෙස කළු පසුබිමක කහ කකුළුවන් ලාංඡනය භාවිත කරන බවත්ය.

එසේම ඔවුන්ගේ අවන්හල්, මෙනු, සමාජ මාධ්‍ය සහ අනෙකුත් ප්‍රවර්ධනවල විශේෂිත මෝස්තර සහ ප්‍රකට වාක්‍ය බොහොමයක් Ministry of Crab හා සමාන වන බැවින් ව්‍යාපාර හඳුනාගැනීම්දී සිය පාරිභෝගිකයන් අතර ව්‍යාකූලත්වයක් ඇතිවන බව අධිකරණය හමුවේ පෙන්වාදී ඇත.

එම ආපන ශාලාවද කොළඹ කොටුවේ පැරණි ඕලන්ද රෝහල් සංකීර්ණයේ පැමිණිලිකරුගේ ප්‍රධානතම ආපන ශාලාවට ආසන්නයේ පිහිටා තිබීම නිසා ව්‍යාකූලත්වය තවත් වැඩි වූ බව නීතිඥවරයා අධිකරණයේ අවධානයට යොමුකර තිබේ.

කකුළුවන් කේන්ද්‍රීය තේමාව සහ මුහුදු ආහාර පිරිනැමීම සඳහා ප්‍රමුඛතම භෝජන ගමනාන්තයක් ලෙස ස්ථාපිත කර ඇති Ministry of Crab, දශකයකට වැඩි කාලයක් පුරා සිය ලාංඡනය සහ විචිත්‍රවත් වර්ණ මාලාව හරහා සැළකිව යුතු දෙස් විදෙස් අවධානයක් ලබාගෙන ඇත.

2015 සිට අඛණ්ඩව වසර 8ක් ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට එය ලැයිස්තුගත කර ඇති අතර, එය ශ්‍රී ලංකාව සූපශාස්ත්‍ර ලෝකය පුරා අවධානයට ලක්කරයි.

Ministry of Crab හිමිකාරීත්වය කීර්තිමත් සූපවේදී දර්ශන් මුනිදාසට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සතුය.

42.31%
17.27%
32.76%