October 18, 2024

පසුගිය මැතිවරණයේදී ඡන්දය ලබාදුන් ජනතාවට මුල්‍ය ප්‍රදානය කරන බවට පවසමින් වංචනික පණිවිඩ යැවීමේ වංචාවක් පිළිබඳව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

CERT ආයතනයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල ප්‍රකාශ කර ඇත්තේ, ඡන්දදායකයන්ට රුපියල් 50,000ක මුදලක් ලබාදෙන බවට ව්‍යාජ පණිවිඩ ලැබීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

මෙම පණිවිඩවල ඇතුළත් කිසිදු සබැඳියක්(Link) ක්ලික් කිරීමෙන් වළකින ලෙසත් මෙම සබැඳි අන් අය සමඟ බෙදාගැනීමෙන් වළකින ලෙසත් ඔහු මහජනතාවට උපදෙස් දෙයි.

42.31%
17.27%
32.76%