October 18, 2024

ඉන්ධන දුම්රියක් අලි රංචුවක ගැටීමෙන් මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ හිඟුරක්ගොඩ සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අනතුරින් අලි දෙදෙනකු මියගිය අතර රංචුවේ සිටි තවත් අලි ඇතුන් කිහිපදෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අද අලුයම 3.30ට මින්නේරිය දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර, එම දුම්රිය කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව වාර්තා කළේ, ඉන්ධන මැදිරි හතරක් පීලිපැනීමත් සමඟ දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති අතර ඉන් දෙකක් පෙරළී ගොස් ඇති බවයි. දුම්රිය එන්ජිම සහ තවත් මැදිරියක්ද පීලි පැන ඇත.

අනතුර හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අවලංගු කර තිබේ.

කොළඹ කොටුව සහ මඩකලපුව අතර සෘජු දුම්රිය දින කිහිපයක් ධාවනය නොවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%