October 17, 2024

පසුගිය ආණ්ඩුව විසින් මේ වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සුබසාධන අයවැයෙන් සියයට 53 ක් පමණක් භාවිත කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක් පෙන්වාදෙයි.

මේ සතියේ මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2024 පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් පෙන්නුම් කළේ, පළමු මාස ​​අට තුළ භාවිත කර ඇති අයවැය ප්‍රතිපාදන රුපියල් බිලියන 1,055.7 කින් රුපියල් බිලියන 563.4 ක් පමණක් බවයි.

සමාජ සුබසාධනය, සමාජ ආරක්ෂණය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ පෝෂණය සහ සංවර්ධන ආධාර යන වැඩසටහන් සඳහා සුබසාධන අයවැය වෙන්කර ඇත.

2023 වසරේ සැබෑ වියදම වූ රුපියල් බිලියන 915.4 ට සාපේක්ෂව පසුගිය ආණ්ඩුව සුබසාධන අයවැය මේ වසරේ සියයට 15.3 කින් ඉහළ දමා ඇති බව දත්ත පෙන්වාදෙයි.

සුභසාධන අයවැයේ වැඩිවීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සහාය ලබාදුන් අතර, එමඟින් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජනතාව සඳහා වඩා හොඳ ඉලක්කගත ක්‍රම සමඟ වැඩි මුදලක් වෙන් කරන ලෙස ඉල්ලා සිටියේය.

මුදල් අමාත්‍යංශය හෙළිකරන ආකාරයට මේ වසරේ මුල් මාස අට තුළ වියදම් කළ මුළු රුපියල් බිලියන 562.4 න් බිලියන 112.7 ක් ‘අස්වැසුම’ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනට ද, බිලියන 9.5 ක් පාසල් පෝෂණ ආහාර වැඩසටහනට ද, බිලියන 4.4 ක් පාසල් පෙළපොත් සහ නිල ඇඳුම් සඳහා ද, බිලියන 24.2 ක් පොහොර සහනාධාරය සඳහා ද වැයකර ඇත.

2024 පළමු මාස ​​අට තුළ සමස්ත සුබසාධන වියදම් 2023 එම කාලය තුළ බිලියන 544.3 සිට සියයට 3.3 කින් වැඩි විය.

 

42.31%
17.27%
32.76%