October 17, 2024

ආර්ථික අර්බුදය විසඳීමට පාර්ලිමේන්තුවේ පළපුරුදු පුද්ගලයන් සිටිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළේය.

“පසුගිය අවුරුදු දෙකේ මාත් එක්ක වැඩ කරපු අයට ආර්ථික අර්බුදවලට මුහුණ දෙන්න අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඒ අය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් මේ අත්දැකීම නැතුව පාර්ලිමේන්තුව ගෙනියන්න බැහැ. උත්සාහ කළොත් ඔබ ඉලක්ක සපුරා ගැනීමට අසමත් වනු ඇත,” වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේය.

42.31%
17.27%
32.76%