October 17, 2024

තම ප්‍රජාව පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීමේ වැදගත්කම අවධාරණය කරන අතරම, තම ප්‍රජාවේ කිසිවකු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීම ගැන වැදි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ කණගාටුව පළකර ඇත.

තම ප්‍රජාවගේ ගැටලු සහ සුබසාධනය වෙනුවෙන් පෙනීසිටීමට කිසිවකු නොමැති බව පවසමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තම ප්‍රජාව නියෝජනය කරන අයෙකු පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවයි.

නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට වැදි ප්‍රජාව නියෝජනය කරන අයෙකු ඉදිරිපත් වන්නේ දැයි ‘ඩේලි මෝනිං’ කර ඇති විමසීමකදී වන්නිල ඇත්තන් පවසා ඇත්තේ, තම ප්‍රජාවෙන් කිසිවකු ඉදිරිපත් නොවන බවයි.

“අපි වෙනුවෙන් කතාකරන්න අපේ ප්‍රජාවේ කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් හොඳයි, නමුත් කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ.”

මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල යම් අඩුපාඩුවක් සිදුවී ඇත්දැයි විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ “දේශපාලන පක්‍ෂවලට නාමයෝජනා දීමට නම් කවුරුන් හෝ ඉදිරිපත් විය යුතුයි නේද? ප්‍රශ්නය අපේ ජනතාව මැතිවරණයට ඉදිරිපත් නොවීමයි. ඒකට දේශපාලන පක්ෂවලට දොස් කියන්න බැහැ.” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

පාර්ලිමේන්තුව තුළ ආදිවාසීන්, කාන්තාවන්, තරුණයන් සහ ආබාධිත පුද්ගලයන් වැනි ඇතැම් කණ්ඩායම් නියෝජනය කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව පිළිගනිමින් මැතිවරණ කොමිසම 2022 දී ප්‍රකාශ කළේ ඒ පිළිබඳව අධ්‍යයනය කළ යුත්තේ පාර්ලිමේන්තුව විසින් බවයි.

42.31%
17.27%
32.76%