Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැදුරු ඔයේ මත්ස්‍ය සම්පත වනසන ආක්රමණික මත්ස්‍යයා දේශීය මත්ස්‍යයකු වන ලූලා අයත් මත්ස්‍ය කාණ්ඩයේම දරුණු ආක්‍රමණශීලී channa micropeltes (Giant snakehead) නම් මත්ස්‍ය ප්‍රභේදය බව නාරා ආයතනය මඟින් තහවුරු කර ඇත.
‘දිනමිණ’ මේ සම්බන්ධයෙන් ගෙනඑන වාර්තාවට අනුව අග්නිදිග ආසියාව නිජබිම කරගත් මිරිදිය මත්ස්‍යයකු වන මේ මත්ස්‍යයා කි.ග්‍රෑ. 20ක් පමණ වර්ධනයක් දැකිය හැකි මාංස භක්ෂක පරිභෝජන රටාවක් අනුව ජීවත්ව තම වර්ගයා බෝ කරන්නකු වන බව නාරා ආයතනය සඳහන් කරයි.
මේ නිසා ජලාශයේ සිටින අනෙකුත් මත්ස්‍යයන්ට දැඩි තර්ජනයක් ඇති වන බව ද නාරා ආයතනය තහවුරු කර තිබේ.
එමෙන්ම ධීවරයන් සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් සෑම ධීවර තොටුපොළකම ධීවරයන්ගේ දිනක මත්ස්‍ය අස්වැන්නට මෙම මත්ස්‍යයා මඟින් බලපෑම් එල්ල වන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නාරා ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ රමණි ශිරන්තා පෙන්වාදී ඇත්තේ, මෙම මත්ස්‍යයා නිසා මිරිදිය ධීවර කර්මාන්තයට එල්ලවන බලපෑම අවම කර ගැනීමට මත්ස්‍යයාගේ ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නාරා ආයතනය කරුණු අධ්‍යයනයක් සිදුකෙරෙන බවයි.
කුරුණෑගල ගනේවත්ත ප්‍රදේශය හරහා දිවෙන දැදුරු ඔය ජලාශයේ මෙම මත්ස්‍යයන් බහුලව සිටින ස්ථාන ආශ්‍රිතව සහ දැදුරු ඔය ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ නියුතු ධීවර තොටුපොළ ආවරණය කරමින් තොරතුරු ලබාගැනීමේදී නාරා පර්යේෂකයන්ට තහවුරු වූයේ මීට වසරකට පෙර මෙම ජලාශය තුළින් විශාල ප්‍රමාණයේ මත්ස්‍යයන් ධීවරයන්ට අල්ලා ගැනීමට හැකි වී ඇති බවයි.
එහෙත් මෙම මත්ස්‍යයා පිළිබඳ ධීවර ජනතාවගේ නොදැනීම මෙන්ම දේශීය ලූල් මත්ස්‍ය කාණ්ඩයේ විශාලම මත්ස්‍යයා වන “ගංආරා” මත්ස්‍යයාට බෙහෙවින් සමාන බැවින් මේ සම්බන්ධයෙන් ඒ අවස්ථාවලදී නිසි හඳුනාගැනීමක් සිදුවී නැති බවත් එම පර්යේෂකයන්ට වාර්තා වී ඇති බව ද විද්‍යාඥ රමණි ශිරන්තා අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart