October 17, 2024

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීම පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කර ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගැනීම පක්ෂය ප්‍රතික්ෂේප කළ බවත් ඇය සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස තවදුරටත් කටයුතු කරන බවත් සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.

“අපි ප්‍රේමචන්ද්‍ර මැතිණියගෙන් සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ලෙස දිගටම කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඇය ඊට එකඟ වී තිබෙනවා. ඒ අතරම ප්‍රේමචන්ද්‍ර මැතිණියට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී එය කළ නොහැකි වුවහොත් එහි කටයුතු අධීක්ෂණය කිරීමට පක්ෂයේ කාන්තා අංශයේ තවත් කාන්තා සාමාජිකාවන් සිටිනවා.”

ඇය අප[අපේක්ෂිකාවක බැවින් කොළඹ දිස්ත්‍රික්කය කෙරෙහි අවධානය යොමුකිරීමට පක්ෂය ඇයට ඉඩ දී ඇති බව ද ඔහු පැවැසීය.

කෙසේවෙත්තේම ජනමාධ්‍ය හමුවටම එක්වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තරයේ කියා සිටියේ සමගි ජන බලවේගයේ එක් සාමාජිකයකු ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් සංවිධායකයන්ට දොස් පවරා ඇති බවයි.

“පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයන් වන්නේ පක්ෂ නායකයා සහ මහලේකම්වරයායි. ඊට වඩා බලගතු වෙනත් අය ඉන්න බැහැ” ඇය පැවසුවාය.

42.31%
17.27%
32.76%