October 16, 2024

තමා වැඩිම මනාප සංඛ්‍යාවක් ගනු ඇතැයි යන බියෙන් හේෂා විතානගේ හිටපු මන්ත්‍රීවරයා සිය නම රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා කපාහරින ලද බව ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න පවසයි.

ජනමාධ්‍යය හමුවේ ප්‍රකාශයක් කරමින් දමිතා අබේරත්න කියාසිටියේ සමගි ජන බලවේගය තමාව ‘කඩේ යැවූ’ බවයි.

සජබ මහලේකම්වරයා පවා ජනමාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධියේ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවද දමිතා කියාසිටියාය.

සජබ නායකයන්ගේ ප්‍රකාශ හේතුවෙන් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ‘හෑල්ලුවට ලක්වන’ බවද ඇය පෙන්වාදුන්නාය.

පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවදයක් නොමැතිකම හේතුවෙන් සන්ධානගතව සිටින කණ්ඩායම් පවා මේ වන විට ඉවත්ව යමින් සිටින බවද ඇය පෙන්වාදුන්නාය.

42.31%
17.27%
32.76%