October 16, 2024

දේශපාලනඥයන් කිසිදා විශ්‍රාම නොයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට ගත් තීරණය පිළිබඳව ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

2024 මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව මහින්ද රාජපක්ෂ තහවුරු කළේය.

කෙසේවෙතත් එය තාවකාලික තීරණයක් පමණක් බවත් තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොගත් බවත් හිටපු ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බවට ඔහු වැඩිදුරටත් විශ්වාසය පළකළේය.

42.31%
17.27%
32.76%