October 16, 2024

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙලළ කපා ඝාතනය කර මළසිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

ත්‍රිරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් පැමිණි පොලිස් කණ්ඩායමකට සිද්ධීයෙන් කෙටි වෙලාවක තුළ මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් බව ද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අළුබෝමුල්ල පබුණුගම පදිංචිව සිටි පැපිලියාන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කළ සික්කු හේවගේ පියදාස ඩයස් නමැති 80 හැවිරිදි දෙදරු පියෙකි.

මුරකරු නින්දේ සිටියදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

දාහත් හැවිරිදි ප්‍රධාන සැකකරු වූ දරුවෙක් එම ළමා නිවාසේයම තවත් 16 හැවිරිදි පිරිමි දරැවකු මෙම අපරාධය සඳහා සහභාගී කරගෙන ඇතැයි ද පොලිසිය අනාවරණය කරගෙන ඇත.(ලංකාදීප)

42.31%
17.27%
32.76%